

Adventure Time: Side Quests
Season 1 · Episode 3
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
ඔඔඕ දේශයේ අලුත් වික්‍රමය! ෆින් සහ ජේක්ගේ කටට මුද්‍රා තැබේවිද?
Adventure Time: Side Quests හි මේ කොටසින් අපේ වීරයෝ දෙන්නා, ෆින් සහ එයාගේ මායාකාරී සුරතල් බල්ලා ජේක්, මුළු ඔඔඕ (Ooo) දේශය පුරාම තවත් අමුතුම වික්‍රමයකට පැටලෙනවා.
යක්ෂයින්ට පාර පෙන්වන 'සාපලත් වචන'
ඇත්තටම මේ පාර වැඩේ ටිකක් සීරියස්. Cursed Words එහෙමත් නැත්නම් සාපලත් වචන නිසා ෆින් සහ ජේක්ට ලොකු අමාරුවක වැටෙන්න සිද්ධ වෙනවා. මෙයාලගේ සුපුරුදු සතුරන්ව, ඒ කියන්නේ නපුරු බලවේගයන්ව පරාජය කරන්න නම් කට පරිස්සම් කරගන්නම වෙනවා. නැත්නම් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. "කට කියන දේ කය උසුලන්න ඕනේ" කියලා කතාවක් තියෙනවනේ. ඔන්න ඉතින් ෆින් සහ ජේක්ට ඒ කතාව ඇත්තක් වෙන හැටි බලන්න මේ කොටස බලන්නම වෙනවා.
මේ වික්‍රමය අතරතුර,
- වලාකුළු මිනිසුන් එක්ක සාද පවත්වන
- තවත් අමුතු සතුන් හමුවෙන
- නපුරු බලවේගයන්ට පයින් ගහලා පලවා හරින
අපේ වීරයන්ගේ අලුත්ම වික්‍රමය අතහරින්න එපා.
කවුද දන්නේ, සමහරවිට ඔයාලගේ ප්‍රියතම චරිතත් මේ වික්රමයට එකතු වෙයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast


Comments 0